විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
රට තුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ විභාග අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යාමට එම පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරයි.
මේ පිළිබදව විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්යවරු අතර කතිකාවක් නිර්මාණය කර අධ්‍යයන කටයුතු වල ගුණාත්මකභාවය රැකෙන අයුරින් මෙම කටයුතු කිරීමට අවදානය යොමුව තිබෙන බව ඒ මහතා සඳහන් කරයි
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ