මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග මහියංගණය, ලූල්වැටිය ඉකිරියගොඩ ගම්මානයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙක් (18) දා අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය පවසනවා.
පොලිසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇති අතර සැකකරුගේ නිවසේ වැසිකිලිය පිටුපස තුවක්කුව සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
වනසතුන් දඩයම් කිරීම සදහා මෙම ගිනිඅවිය උපයෝගී කරගෙන ඇතිබවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
වැඩිදුර විමර්ශන මහියංගණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ