රිෂාඩ් බදියුදීන්ගෙන් CIDය ප්‍රශ්න කරයි – අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අළුයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.

අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේදී මහල් නිවාසයකදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යොදවා තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com