නව ආසාදිතයින් 63 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5, 538 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2, 122ක්.
ආසාදිතයින් 3, 403 දෙනෙකු සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
නව ආසාධිතයින් 63 දෙනා අතරින් 61 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් සේවක ආශ්‍රිතයින්.
අනෙක් දෙදෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි යුධ හමුදාව සඳහන් කළේ.
මිනුවන්ගොඩ කොවිඞ් පොකුර මේ වන විට 2, 077 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් පුද්ගලයි 1, 041 දෙනෙකු ඇගලුම් සේවකයින්.
ඔවුන්ගේ ආශ්‍රිතයින් ගණන 1, 036ක්.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ