ඊයේ රාත්රියේ ගාල්ල, පිටිගල, ගොඩමුණේ ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.
දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි ගොඩමුණේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලීසිය සඳහන් කළේය.
මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක බව ඇල්පිටිය පොලීසිය පැවසීය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ