සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇලේ ගුණාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ මෙම වැටලීම සිදුකර තිබූ අතර, ඔහු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 320ක්.
සැකකරු ඝාතන රැසකට සම්බන්ධ බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකරු වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ