කොරෝනා වසංගත අවදානම හමුවේ තාවකාලිකව වසා දැමුණු කොළඹ කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
ඒ පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ල විෂබීහරණයට ලක්කිරීමෙන් අනතුරුවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ කොළඹ අවට පොලිස් ස්ථාන කිහිපයක නිළධාරින් අනුයුක්ත කර අද පෙරවරු 9 සිට කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කළ බවයි.
කොටුව පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ වංචා විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවීමත් සමගින් ඊයේ පස්වරුවේ සිට කොළඹ කොටුව පොලිස් ස්ථානය වසා තැබීමට පියවර ගැණුනා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව