සමගි ජනබලවේගය රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු එයි

සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ අද විවාදයට ගැනීම ආරම්භ කෙරෙන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්.

මන්ත්‍රීවරුන්ගේ අත්වල විස්සට එරෙහි පළඳනාවක් දක්නට ලැබුණු අතර, විස්සට එරෙහි වැකි සඳහන් මුව ආවරණද ඔවුන් පැළඳ සිටියා.

එමෙන්ම රථ පෙළපාලියේ පැමිණි මන්ත්‍රීවරුන්ගේ වාහනවලද විස්සට එරෙහි විරෝධතා පුවරු ද සවිකර තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com