අහඹු PCR නියැදි 105කින් 49ක් පොසිටිව් – පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයත් වැසේ

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා‍.

පුද්ගලයින් 49 දෙනෙකුට covid 19 ආසාදනය වී ඇති බවට පෙරේදා සිදුකළ PCR පරීක්ෂණවලින් තහවුරු වූ බවයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ.

කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ස්ථානයක් ලෙස පෑලියගොඩ ත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හදුනා ගත් බැවින් පෙරේදා අහඹු ලෙස තෝරාගත් 105 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එහිදී 49දෙනකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු කරගෙන තිබෙන්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com