LTTE තහනම ඉවත් කරන ලෙස, එක්සත් රාජධානියේ ස්වාධීන විනිශ්චය සභාවක් බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් කාර්යාලයට නියෝග කර තිබෙනවා . එල්ටීටීඊ සංවිධානය 2001 වසරේ දී එක්සත් රාජධානියේ තහනම් කරන ලදී. පසුගිය වසරේ ද මෙම ඉල්ලීම සිදු කළ ද ශ්‍රී ලංකාවේ වාර්තා වූ සිද්ධියක් සමග එම තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.
LTTE යනු ත්රස්තවාදයට සම්බන්ධ සංවිධානයක් නොවන බවත් ,මෙම තහනම හරහා දෙමළ ජාතීන්ගේ නිදහසට බාධවක් බවත් සදහන් කරමින් අන්තර්ජාතික දෙමළ ඊලාම් රජය (TGTE) මගින් අභියාචනයක් විනිශ්චය සභාවට ඉදිරිපත් කර ඇත.එක්සත් රාජධානියේ තහනම් සංවිධාන ලැයිස්තුවෙන් LTTE සංවිධානය ඉවත් කරන ලෙසයි මෙමගින් ඔවුන් ඉල්ලා තිබෙන්නේ
එක්සත් රාජධානියේ ත්‍රස්තවාදී පනත යටතේ විශේෂයෙන් පිහිටුවන ලද ස්වාධීන සංවිධාන අභියාචනා කොමිසමට (POAC) තහනම් සංවිධාන ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය රජයට නියෝග කිරීමට බලයක පවතී.
පිටු 38 ක් වූ මෙම තීන්දුව අනුව එල්ටීටීඊ තහනම අවලංගු වේ. මේ සමඟ එක්සත් රාජධානියේ එල්ටීටීඊ තහනම ඉක්මනින් ඉවත් වනු ඇති බව බොහෝ විචාරකයින්ගේ මතයයි.මෙම තීන්දුව එක්සත් රාජධානියේ රජය විසින් ද සනාථ කරනු ඇති බවට TGTE විසින් අපේක්ෂා කරයි.
මේ අතර ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් එල්ටීටීඊය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබේ. එල්ටීටීඊයට තහනමක් පැනවූ පළමු රට වන්නේ ඉන්දියාවයි.
-ධීරේ-
More Stories
ඇමරිකාවේ නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වූ බවට චීනයෙන් ප්‍රකාශයක්
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඇරඹේ
ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි