ඇමෙරිකානු ආරක්ෂක අංශ රැගත් ගුවන් යානයක් කටුනායකට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා එම පිරිස දිවයිනට පැමිණ ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.

ඔවුන්ගේ පැමිණීම හා මෙරට තුළ රැදී සිටීම ශී‍්‍ර ලංකා රජය සමග සම්බන්ධීකරණයකින් යුතුව සංවිධාන කර ඇති බව ද කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය සදහන් කරයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය දෙරටටම ඵලදායී හා සාර්ථක සංචාරයක් බවට පත් කිරීමට එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන බව එම කාර්යයාලය වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අද අලුයම 1.45 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද තවත් එවැනි ඇමෙරිකානුවන් 13 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 28 වනදායි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com