බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ලිපි හා පාර්සල් බෙදා හැරීමේ කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා අවදානම හමුවේ ලිපි හා පාර්සල් බාර ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට ජනතාව ක්‍රියාකිරීම හේතුවෙන්.
එමෙන්ම තැපැල් කරුවන්ගේ හා කාර්යමණ්ඩල සේවකයින්ගේ ආරක්‍ෂාව පිළිබඳ අවදානය යොමු කිරීමටද සිදුව ඇති බැවින් අවදානම් ප්‍රදේශවල ලිපි හා පාර්සල් බෙදා හැරීම තාවකාලිකව නතර කිරීමට සිදුවූ බව තැපැල් දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වුණා.
ඒ අනුව බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා උප තැපැල් කාර්යාල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල තැපැල් කටයුතු අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් රෝහල් මඟින් ලබාදෙන ඖෂධ හා ඔසුසැල් මඟින් ඇනවුම් කරන ඖෂධ බෙදා හැරීමේ කටයුතු ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සිදුකරන බවද තැපැල් දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ