අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කොට ඇත.
මෙහිදී චීනය පෙන්වා දී ඇත්තේ සංචාරයට පෙර සිටම ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති ප්‍රකාශ හරහා අනෙක් රටවල්වලට බලපෑමක් එල්ල කිරීමට අමෙරිකාව කටයුතු කර ඇති බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ප්රෙටෝකෝලයන් උල්ලංඝනය කිරීමක් බවත්ය.
මේ අවස්ථාවේ ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා වී ඇති අමෙරිකාව විශාල නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීම පිළිගත නොහැකි එකක් බවද පෙන්වා දී තිබේ.එම දූත පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකා රජයට බලපෑම් කරන බවටද, චීනය, ඇමරිකාවට චෝදනා කරයි.
එමෙන්ම එම මාධ්‍ය නිවේදනය මගින්, ලංකාව හා චීනය අතර ඇති සම්බන්ධයට වසර දහස් ගණනක ඉතිහාසක් ඇති බව චීන තානාපති කාර්යාලය සිහිපත් කරයි. එමෙන්ම, ලංකාව සහ චීනය රාජ්‍ය තාන්ති‍්‍රක සබදතා ශක්තිමත් කරගත් 1950 දශකයට පෙර පවා, ඇමරිකාව විසින් චිනයට එරෙහිව සම්බාධක පනවා තිබිය දී, ඇමරිකාවේ එම සම්බාධක නොතකා හරිමින්, චීනය සමග ගිවිසුම්ගත වීමට ( රබර් සහල් ගිවිසුම) තරම් නිර්භීතභාවයක් ලංකාවට තිබුණු බව ද ඇමරිකාවට මතක් කර දෙයි.
චීන තානාපති කාර්යාලය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය,
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට