ඊයේ(07) රාත්රී 11.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. පොලීසිය ඉදිරිපිට දී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු කැබ් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ප්රතිවිරුද්ධ දිශාවට පැමිණි ඇති ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබු නුවර දෙසට ධාවනය වු කැබ් රථයේ රියදුරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දි ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු වෙරලුගහලන්ද වත්ත, එල්ලක්කල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අැති අතර යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව