පෑලියගොඩ පොකුර නිසා යාපනයේ තවත් ගම්මාන දෙකක් වැසෙයි

යාපනයේ ගම්මානයන් දෙකකට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පනවා තිබේ.

ඒ අනුව යාපනය ගුරුනගර් සහ පාසෙයියූර් යන ගම්මාන වලට ඇතුළුවන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පොලීසිය, සෙ$ඛ්‍ය නිලධාරීන් සහ යුද හමුදාව කටයුතු කර ඇත.

අදාළ ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

මොවුන් පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.

එහිදී තහවුරු වී ඇත්තේ මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හදුනාගන්නා තුරු ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙස සෙ$ඛය අමාත්‍යංශය ද දැනුම් දුන් බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com