අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.
සංවර්ධනයේදී ස්වෛරී සහ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව නැගීසිටීම අමෙරිකාවේ අපේක්ෂාව බවයි හෙතෙම කියා සිටියේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග අද පෙරවරුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි.
එම මාධ්‍ය හමුවෙන් අනතුරුව සිය සංචාරය නිමවා ඇමෙරිකානු දූත පිරිස අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.
දහවල් 1 යි 06 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා ඔවුන් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බෝයිං 757 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී 7.35 ට මෙරටට පැමිණියා.
මෙම සංචාරය තුළ දී ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවුණා.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී මෙරටට පැමිණි ඉහළම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට