මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් -19 පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5731සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ ඊයේ (28) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 335 දෙනා ද සමගය.
ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර, අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඩ් – 19 පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5731 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙරට සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වනවිට 9205 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඉන් රෝගීන් 4075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝගීන් 5,111 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
පසුගිය දින 06 තුළ පමණක් කොවිඩ් – 19 ආසාදිතයින් 2,883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය 23 වැනි දිනයි.
මේ වනවිට කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට