බන්ධනාගාර රැඳවූවන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීම සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබේ.
මේ සඳහා බන්ධනාගාරයට පමණක් භාවිත කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කර ඇති අතර එය ප්‍රථමයෙන්ම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ආරම්භ කිරීමට සූදානම් බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කලේය.
එක් අයකුට විනාඩි පහළොවක කාලයක් තමන්ගේ ඥාතීන් සමග කතා කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවද එම මූලස්ථානය කීවේය.
එසේම යහපත් කල්ක්‍රියාවෙන් යුත් රැඳවූවන් හට පමණක් මෙම පහසුකම ලබාදෙන බවද බන්ධනාගාර මූලස්ථානය පවසයි.
බන්ධනාගාර රැඳවියන් බැලීමට කලින් දිනයක් වේලාවක් අන්තර්ජාලය හරහා වෙන් කිරීමටද පියවර ගෙන තිබේ. එයද ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, පවතින කොරෝනා වයිරස් තත්ත්වය හමුවේ මෙම පියවර ගත් බවයි. එසේම රැඳවූවන් බැලීමට පැමිණෙන ඥාතීන් දැනට පවතින ක්‍රමය අනුව බොහෝ වේලාවක් රැඳී සිටිමින් ඉතාමත් අපහසුතාවට පත්වන නිසා වෙබ් පිටුව හරහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීමෙන් රැඳවූවන් බැලීමට අවස්ථාව උදාකරගත හැකි බවද හෙතෙම කීවේය. බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සූදර්ශනී ප්රනාන්දුපුල්ලේගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ක්‍රියාවලිය සිදුවන අතර, නොවැම්බර් මසදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට