කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ මුදල හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ.
කෙසේවෙතත් එම සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ, කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර සඳහා පමණයි.
ඒ අනුව ප්‍රවේශ පත්‍ර වටිනාකමට අදාළ මුදල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
නිරෝධානයන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කලා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ