කොරෝනා තත්ත්වය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම එක් දිනකට සීමා කර තිබෙනවා.
ඒ අනුව ලබන 3 වැනි දා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිතය.
එදින ද සභාව රැස්වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3 ට පමණි.
නොවැම්බර් 4, 5 සහ 6 යන දිනවල පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු සභා වාරයන් කොරෝනා තත්ත්වය හේතුවෙන් අවලංගු කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහාතා පැවසුවේ ය.
මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.
ඒ අනුව, ජනමාධ්‍ය නියෝජිතයන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට