රත්නපුර නගරයේ මැණික් වෙළඳපොළ හෙට (30) සිට නතර කරන ලෙස රත්නපුර නගරාධිපති ටිරොන් අත්තනායක මහතා මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දෙයි.
රත්නපුර බෝගහ අසළ සහ ඔරලෝසු කණුව අසළ මැණික් වෙළෙදපොළට සිය ගණනක් වු මැණික් වෙළෙදුන් පැමිණෙන නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම මැණික් වෙළෙද පොළ නොපවත්වන ලෙස නගරාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදුකර තිබේ . රත්නපුර නගරයට පැමිණීම සීමා කරන ලෙසද නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර රත්නපුර වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසූවේ බස්නාහිර පළාතින් සබරගමුව පළාතට පැමිණෙන පුද්ගලයින් සඳහා සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුවට දැනුම් දුන් බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ