තවත් කොරෝනා රෝගීන් 140කට සුවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 140දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 4282ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 9791ක් වන අතර රෝගීන් 5490දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com