එම් සී සී ගිවිසුම එහෙමත් නැත්නම් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම 2004 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කරනවා. එය සංවර්ධන වෙමින් පවතින රටවල් වලට විදේශ ආධාර ලබා දීමේ අරමුණ සහිතව ආරම්භ කරන ලද ඒජන්සියක්.
මෙම විදේශ ආධාර ප්‍රදානය ලැබීමට රටවල් විසින් දැඩි සුදුසුකම් සපුරාලිය යුතු වනවා. යහපාලනය සඳහා කැපවීම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආර්ථික නිදහස සඳහා ආයෝජනය කිරීම ඇතුළු ව නිර්ණායකයන් 17 ක් මත රටවල් තෝරා ගනු ලබනවා.ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික නිදහස වෙනුවෙන් කැප වී සිටින රාජ්‍යන් වෙනුවෙන් හිමි වන මෙම ආධාරය ලබා දිමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ වනවා.
මෙම ප්‍රදානය ලබාගත් 17 වන රට ශ්‍රී ලංකාවයි. ගිවිසුම යටතේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් හිමිවනවා.මීට පෙර මෙම ප්‍රදානය ලැබූ රටවල් 16 අතුරින් බොහෝ රටවල් MCC ගිවිසුම සාර්ථකව සම්පූර්ණ කර ඇතත් රටවල් කිහිපයක් පසුව ගිවිසුමෙන් වුණා.
එම් සී සී ගිවිසුම මෙරට තුළ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය මූලික යොජනාවන් පිළිබඳ පලමුවරට සාකච්ඡා කෙරෙන්නේ 2007 වසරේ දී.ඒ අනුව ශ්‍රී ලංකාව එම් සී සී යෝජනා ක්‍රියාත්මක කිරීමට සුදුසු රටක් ලෙස තෝරා ගන්නේ 2016 වසරේ දී.ඒ අනුව ශ්‍රී ලංකාව ඒ සම්බන්ධව ඇති අදහස් එම් සී සී වෙත 2017 දී ඉදිරිපත් කල අතර එම යොජනා 2019 අප්‍රේල් මස දී අනුමත කර තිබෙනවා .
එම්.සී.සී. ගිවිසුම හරහා ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා අරමුදල් සපයනවා.පළමු ව්‍යාපෘතිය හරහා ප්‍රවාහන අංශයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීමට අපේක්ෂා කෙරෙනවා.එමගින් කොළඹ අගනගරයේ බස් ගමනාගමන පද්ධති නවීකරණය කිරීම, වඩා හොඳ රථවාහන කළමනාකරණයක් ඇති කිරීම ,ප්‍රවාහන වියදම් අඩු කිරීම සහ රටේ මධ්‍යම කලාපය සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල වරාය සහ වෙළඳපොළවල් අතර ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙනවා.
දෙවන ව්‍යාපෘතිය හරහා කෘෂිකර්මාන්තය, සේවා අංශය සහ කාර්මික ආයෝජකයින්ට ඉඩම් සඳහා ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරෙනවා.ඒ හරහා ඉඩම් තක්සේරුකරණ පද්ධති වැඩිදියුණු කිරීම, ජාතික ඔප්පු ලේඛනය ඩිජිටල්කරණය කිරීම සහ රටේ ඉඩම්වල නෛතික පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් (73%) ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබෙනවා . කෘෂිකාර්මික ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 67 ක් (14%) සහ පරිපාලන වියදම් සඳහා ඉතිරි ඩොලර් මිලියන 30 (13%) වෙන් කර තිබෙනවා.
ගිවිසුමේ මෙලෙස සදහන් වුවද මේ තුළ සැගවුණු අරමුණු ඇති බවට ද සැකයක් පවතිනවා.දරිද්‍රතාවය පිටුදැකීම MCC හි ප්‍රධාන අරමුණකි.නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ දරිද්‍රතාවය බරපතල ගැටළුවක් නොවන කලාපයක් කේන්ද්‍ර කර ගනිමින්.එබැවින් දරිද්‍රතාවය පිටුදැකීම එම්.සී.සී. හි ප්‍රධාන අරමුණු වලින් එකක් නම්, ව්‍යාපෘතියේ කේන්ද්‍රය නැගෙනහිර හෝ උතුරු පළාත විය යුතු යි.
බොහෝ විශ්ලේෂකයින් පෙන්වා දී ඇති පරිදි MCC හි ඉලක්කය වන්නේ කෘෂිකාර්මික ව්‍යාපෘතිය සඳහා කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන කිලෝමීටර් 200 කොරිඩෝවයි. මෙම කොරිඩෝවේ ඇති ඉඩමෙන් 85% ක්ම රජයට අයත් වන අතර මෙම ඉඩමෙන් වැඩි ප්‍රමාණයක් දැනට ප්‍රදේශයේ ජනතාව කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනී.එහෙයින් මේ හරහා විදේශීය ආයෝජකයින්ට මෙම කලාපයේ ඉඩම් මිලදී ගැනීමට දොරටු විවර කිරීමක් සිදු වේ ද යන ප්‍රශ්නය ද පවතී. ඉඩම් දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ තනි ඉඩම් පිළිබඳ සමීක්ෂණය කර ඇත්තේ 10% ක පමණි.නමුත් ඉඩම් අයිතිය පිළිබඳ සමීක්ෂණය කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා මෑතකදී නියෝගයක් ලබා දී තිබුණා.මේ හරහා මෙම ඉඩම් විදේශීය ආයෝජකයින්ට ඉහළ මිලකට මිල දී ගැනීමේ අවස්ථාවක් හිමි කර දෙයිද යන්න ගැටලුවකි.මෙය එම්.සී.සී. ගිවිසුමට විරෝධය දැක්වීම කෙරෙහි බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මෙම ගිවිසුමට දැඩි විරෝධයක් පවතිනවා. මෙම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අනෙකුත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේ තත්වය වෙනස් .ගැටළුව වන්නේ ශ්‍රී ලංකාව එම්.සී.සී. හරහා තවත් ගිවිසුම් දෙකකට සම්බන්ධ වී ඇත.එම ගිවිසුම් වන්නේ අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම හෙවත් ACSA සහ හමුදා රාජ්‍ය ගිවිසුම හෙවත් සෝෆා ගිවිසුම් ය. මෙයින් ACSA ගිවිසුම දැනටමත් අත්සන් කර ඇත.මෙම ගිවිසුම් තුන හරහා ඇමරිකා එක්සත් ජනපදයට මෙරට තුළ සැලකිය යුතු මට්ටමක බලපෑමක් කල හැකි අතර එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බරපතල බලපෑමක් ඇති කළ හැකිය.
බොහෝ රටවල MCC ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා.නමුත් මෙම රටවල් MCC සමග වෙනත් ගිවිසුම් සම්බන්ධ කර ගෙන නොමැත.නමුත් ශ්‍රී ලංකාවේ, MCC හි අනුමැතිය ස්වයංක්‍රීයව අනෙක් ගිවිසුම් දෙකටම අනුමැතිය ලබා දෙයි. එය රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට ද හේතු විය හැකිය. ශ්‍රී ලංකා රජයට ව්‍යාපෘතියේ කිසිදු පාලනයක් නොමැති බැවින් එම්.සී.සී.යට ඔවුන්ගේ අභිමතය පරිදි සැලැස්මේ වෙනස්කම් කළ හැකිය. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියෙන් විදේශ සංචිත වැඩිදියුණු වන බැවින් රජයට ප්‍රතිලාභ ලබාගත හැකිය.
MCC ගිවිසුමට ජනතාව විරුද්ධ වන්නේ ඇයි? ප්‍රධාන වශයෙන් මෙම ගිවිසුමට එරෙහිව ප්‍රධාන තර්ක දෙකක් ඉදිරිපත් වනවා.පළමුවැන්න නම් ඉඩම් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයට අයත් ඉඩම් ඇමරිකානු රජයට මිලදී ගත හැකි බව. දෙවන තර්කය නම් එම්.සී.සී. ගිවිසුම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අඩපණ කිරීමේ උත්සාහයක් බව.මෙම ප්‍රකාශ දෙකම එම්.සී.සී. අධ්‍යක්ෂ ජෙනර් එඩෙල්මන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා . කෙසේ වුව ද මෙම ගිවිසුම බලාත්මක වීමට නම් නීතිපතිවරයා විසින් එය අත්සන් කළ යුතු වනවා.එසේම පාර්ලිමේන්තුව තුළ ද අනුමත විය යුතුය.ගිවිසුමේ සත්‍ය වශයෙන්ම සදහන් තොරතුරු මොනවාද යන්න ජනතාවට පැහැදිලිව දැන ගැනීමට නොහැකි වී ඇත්තේ වර්තමානයේ මෙය ද දේශපාලන උපායමාර්යක් ලෙස විවිධ පාර්ශව විසින් ප්‍රයෝජනයට ගන්නා නිසාය.
2019 ආරම්භයේ සිට එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට ඇමරිකානුවන් දැඩි උත්සාහයක නිරත වුනා. වර්තමාන ඇමරිකානු තානාපති ඇලනියා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවස්ථා කිහිපයකදී එම්.සී.සී. ව්‍යාපෘතිය භාර ගැනීමට හෝ ප්‍රදානය අහිමි කර ගැනීම පිළිබඳ රජයට අවසාන නිවේදනයක් ලබා දුන්නාය. එවිට මෙම ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව බෞද්ධ පූජකයෙකු විසින් උපවාසයක් ද ආරම්භ කළා.එ කෙසෙ වුවත් ගිවිසුම හිටපු රජයේ නායකයින් විසින් අත්සන් කිරීමට සූදානම් වුණා.උපවාසයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු එම ගිවිසුම ක්‍රියාත්මක නොකරන බව ප්‍රකාශ කළා .එවිට එම උපවාසය ද අවසන් වුණා.
මෙම දශකය ආරම්භයේ සිට ආසියානු කලාපය තුල ඇමරිකා එක්සත් ජනපදයෙ අවශ්‍යතා වර්ධනය වන බව පැහැදිලි වෙමින් තිබෙනවා . එයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ කලාපයේ වෙනස්වන භූ දේශපාලනික තත්වයයි. වසර 50 කට අඩු කාලයක් තුළ චීනය සුපිරි බලවතෙකු ලෙස නැගී සිටීම එක්සත් ජනපදයට ඇති ලොකුම තර්ජනයයි. 1970 දශකයේ දී චීනය, ඩෙන් ෂියාඕපින්ගේ සභාපතිත්වය යටතේ, බටහිරින් තාක්‍ෂණික හුවමාරුවේ ආධාරයෙන් චීන ආර්ථිකය, කාර්මික ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම ආරම්භ කළේය. මෙම වෙනස එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය වෙතින් විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත් අතර අද එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයයි.ආර්ථික බලවතෙකු ලෙස එහි නැගීම වත්මන් ජනාධිපති ෂී ජිං පිං යටතේ තවදුරටත් ශක්තිමත් විය. විශේෂයෙන් ආසියානු කලාපයේ චීන බලය ව්‍යාප්ත වීම එක්සත් ජනපදයට මෙම කලාපය තුළ යම් පාලනයක් තබා ගැනීමට අවශ්‍ය වීමට ප්‍රධාන හේතුවයි. එක්සත් ජනපදයට මෙ සඳහා ශ්‍රී ලංකාව වඩාත් සුදුසු ස්ථානයක් විමට හේතු වන්නේ ලංකාවේ පිහිටිම, දුර්වල ආණ්ඩු, දුර්වල ආර්ථිකය, වාර්ගික ගැටලු, ණය අර්බුදය සහ දූෂණය වැනි විවිධ ගැටලු නිසා ඇති වූ අස්ථාවරත්වයයි. මෙමඟින් ශ්‍රී ලංකාව තුලට එක්සත් ජනපදයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. කෙසේ වුව ද ගිවිසුම අත්සන් කිරිම හෝ නොකිරීම පිළිබඳ පැහැදිලි තීරණයක් ශ්‍රි ලංකාව විසින් තවමත් ප්‍රකාශ කර නැත.
- ධීරේ
More Stories
සංකීර්ණ ගෝලීය තත්ත්වය හමුවේ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කරමින් ඇරඹෙන 16 වන බ්‍රික්ස් නායක සමුළුව
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය චීනය ආශ්චර්ය දෙකක් නිර්මාණය කිරීමේ වැදගත් සහතිකයකි
මහා පරිමාණ තහනම් උත්තේජක ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකයට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුයි-චීනය