වෙරළබඩ පොලීසියේ නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් වෙරළබඩ පොලීසිය ද තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවට තොරතුරු වාර්තා වේ.
එම නිලධාරීන්ට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් මෙම වෛරසය ආසාදනය වී ඇති බව පොලීසිය පවසයි.
මෙම තත්ත්වයත් සමග වෙරළබඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 83දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති අතර, අනතුරුව ඔවුන් ස්වයං නිරෝධායට යොමු කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට වරාය පොලීසිය සහ කොටහේන පොලීසිය වෙරළබඩ පොලීසියේ රාජකාරි කටයුතු ආවරණය කිරීමට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ