මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් එලෙස බඳවා ගන්නා බවත් පසුගිය වසරට වඩා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10,000 කින් ඉහළ නංවා ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
වෛද්‍ය පීඨ සඳහා 371 දෙනෙකුත් , ඉංජිනේරු පීඨ සඳහා 405 දෙනෙකුත් යන ආදී වශයෙන් සිසුන් බඳවා ගැනීමට නියමිතයි.
2019 උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 37, 704 දෙනෙකු පෙනී සිටි අතර නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට