මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුල ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
“ජුනි 10 11 12 යන දින විමසීමේ දිනය සහිත ගැසට් නිවේදනය නිකුත් කරනවා
අපට සෞඛ්‍ය මාර්ගෝපදේශ භාර දුන් දිනයේ සිට දින 60 ක් හෝ හැත්තෑවක් අතර දිනයක දී මැතිවරණය පැවැත්විය හැකියි”
රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශ සහ තවත් පාර්ශව කිහිපයත් සමග සාකච්ඡා කර මැතිවරණ දිනය තීරණය කරන බවයි.
මැතිවරණය පැවැත්වීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දී ඇති මාර්ග උපදේශන ගැසට් මගින් ප්රශකයට පත් කිරිමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
මැතිවරණ දිනය දීර්ඝ කිරිමට මැතිවරණ කොමිසමට කිසිදු අවශ්‍යතාවත් නොමැති බව ද කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළා.
කොරෝනා මෙරටින් තුරන් වී ඇති බවට සහ කිසිදු කොරෝනා රෝගියෙක් නොමැති බව සෞඛ්‍ය අංශ හෙට සහතිකයක් ලබා දෙන්නේ නම් ජුලි 20 වනදා මැතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාව සුදානම් බව ද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
More Stories
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ
විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළට
ජනපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන්න සජිත් සුදානම් – සජිත්