බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් ‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘ ජාතික කොඩියක් මෙරට නිෂ්පාදනය කොට වෙළෙඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය විරෝධය පළ කොට ඇත.
නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම පෙන්වා දෙන්නේ සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු බවකි.
රටක ජාතික කොඩිය හිතු මතේ මුද්‍රණය කළ නොහැකි අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යුතුය.
ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැළැක්විමට බලය ලත් සියළු පාර්ශව වහා කටයුතු කළ යුතුව ඇත.
‘තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩිය‘ ශ්‍රි ලංකාවේ අභිමානය ද, ජාතික කොඩියට හිමිවිය යුතු ගෞරවය ද අහිමිකරන්නක් බව ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් එක්ව නිෂ්පාදනය කරන ලද මෙම ජාතික කොඩිය පසුගියදා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ