පාතාල ජාවාරම්,මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු විවිධ මට්ටමේ මහා පරිමාණ අපරාධ මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළින් ද පූර්ණ සහයෝග ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.
මේ සඳහා සෑම බන්ධනාගාර නිලධාරියකුගේම දායකත්වය නොමඳව හිමි විය යුතු බවත්, එසේ නොමැතිව විවිධ ජාවාරම්කරුවන්ට සහය දී නීති විරෝධී ක්‍රියාවන්හි නිරතවන බන්ධනාගාර නිලධාරින්ට තමන්ගෙන් කිසිඳු සමාවක් හිමි නොවන බවත් උපුල්දෙණිය මහතා පවසයි.
පාතාලයට සම්බන්ධ දරුණු ගණයේ අපරාධ කරුවන් බන්ධනාගාර තුළ සිට කරන නීති විරෝධී ක්‍රියා මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන්නේ මින් ඉදිරියට රැඳවියන් සතු ජංගම දුරකතනවලින් තොර බන්ධනාගාර පද්ධතියක් බිහි කරන බවයි.
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස (08) රාජකාරි කටයුතු අරඹමින් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති උත්සවයේදී උපුල්දෙණිය මහතා මේ බව අනාවරණය කළේය.
ජපානයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නයමෙහිදී සෙත්පිරිත් සජ්ජායනය කරමින් උපුල්දෙණිය මහතාට ආශිර්වාද කළ අතර
ගම්මැද්දේගොඩ විමල හිමියෝ අනුශාසනාවක්ද කළහ.
එහිදී නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මෙසේ ද කීය.
“බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරය මා හමුවේ ඇති විශාල අභියෝගයක්. මා ලැබූ අධ්‍යාපනය පළපුරුද්ද යොදා ගෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් යම් සේවාවක් කළ හැකි බව මට විශ්වාසයි. නිදහස් අධ්‍යාපනය ලද පුද්ගලයකු වශයෙන් මගේ යුතුකම රට වෙනුවෙන් සේවාවක් සිදු කිරීමයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබව රජයේත් ,මහජනතාවගේත් කිසිඳු ප්‍රසාදයක් මේවන විට ඇත්තේ නැහැ.පසුගිය දිනක ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,බන්ධනාගාර දෙපා්තමේන්තුව පිළිබද සිය පැහැදිලි අදහස සමාජයට පැවැසුවා.මේ නිසා මා ඇතුලු සියලුම නිළධාරින්ට වගකීමක් තිබෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙයට වඩා ඉහළ තැනකට ඔසවා තබන්නට.
බන්ධණාගාර පද්ධතිය මෙයට වඩා ඉහළ ස්ථානයක තැබීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු පැති කිහිපයක් තිබෙනවා. රැඳවියන් අද විවිධ අකටයුතුකම්වල යෙදෙමින් සමාජයට බලවත් තර්ජනයක් වී තිබෙනවා. මෙය ප්‍රධානතම ගැටලුවක්. මේවා පිටුදැකීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මා ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරනවා. පොලිසිය වරදකරුවකු නීතිය හමුවට පමුණුවා අධිකරණ ක්‍රියාවලියක් තුළීන් එම පුද්ගලයා බන්ධනාගාරය වෙත යොමු කළ විට අපගේ වගකීම වන්නේ මේ පිරිස සමාජයට තර්ජනයක් නොවන සේ රැක බලා ගැනීමයි. නමුත් පසුගිය කාලය තුළ මේ සඳහා ප්‍රමුඛතාවය ලැබුණේ නැහැ.බන්ධනාගාරය තුළීන් මුලින්ම සමාජ සුරක්ෂීත භාවය තිබිය යුතුයි. සමාජ සුරක්ෂිත තාවය ආරක්ෂා කර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට එක්කළ යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට මා සූදානම්” යැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ