වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
අදාළ ස්ථානවල පහසුකම් වෙන් කරගත් සංචාරකයින් සඳහා විකල්ප දිනයන් වෙන්කර දීම පිළිබඳව ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බවයි වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නැවත රට තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වන ජීවි අධ්යක්ෂ ජනරාල් ජී.සී.සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ