බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව හෙට (03) දින හෝ ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට නියමිත බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය ඒ මහතා විසින් භාරගැනීමට නියමිත බවද එම නිලනොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවද දැනගන්නට තිබේ.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු හැකි ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණ වගකීම් බාරගන්නා ලෙසට පාර්ශව රැසකින්ම කෙරුණු දැඩි ඉල්ලීම් මුල් කරගෙන ඒ මහතා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ