කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 263 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ අද දිනයේදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් 41 දෙනෙකු ද කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගත් බවයි.
ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ සමස්ත ආසාධිත නිළධාරීන් ගණන 56ක්.
මේ අතර, මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
පුත්තලම දංකොටුව ප්‍රදේශයෙන්ද තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්