ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබෙනවා.
Seylan Bank PLCරුපියල් 5,000,000ක් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් 15,136,647.99ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුණා.
Finlays Colombo Limitedරුපියල් 10,000,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ චෙක්පත ගිහාන් එස්. ජයසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබුවා
ඉටුකම COVID – 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ අගය දැන් රුපියල් 1,693,475,780.01ක් .
චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකියි අතර දුරකථන අංක 076–0700700/ 011–2320880/ 011–2354340/ 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට හැකියි
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ