බස් රථ හිමියන් සතුව පවතින මාර්ගස්ථ බලපත්‍රය ඇපයට තබාගෙන අඩු පොළී ණයක් ලබා දෙන ලෙස බස් රථ හිමියන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (08) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී බස් ගාස්තු ගෙවීම සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමටද අපේක්ෂාවෙන් සිටින බවයි.
“දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේ දී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේ දී ඉන් සිදුවිය හැකි බලපැම වැඩි බව පෙනී ගොස් තිබේ“.
එබැවින් එම යෝජිත පෙරගෙවුම් කාර්ඩ්පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ