අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.
එමෙන්ම, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 258ක් වනවා.
ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1350ක් බවද සඳහන්.
මේ අතර, රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකුටද වෛරසය වැළඳී ඇති අතර ආශ්‍රිත නිලධාරීන් 98 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ