වැලිකඩ වාට්ටු දෙකක් හුදෙකලා කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වුවහොත් ඔවුන් බෝගම්බර සහ පල්ලන්සේන බන්ධනාගාරවලට යොමු කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් කළා.

මෙම සිරකරුවන් පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිතව හෙලි කර ගැනීමට හැකි වී නැහැ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com