කොරෝනා වෛරසයේ නව ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරිමේ දී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බවයි.
මානව ප්‍රජාවගේ හැසිරීම කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන බවත් රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය ඇත්තේ මහජනතාව වන ඔබත් මමත් අතර බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ