හුදෙකලා ප්‍රදේශවල අයට රැකියාවලට යාමට අවසර නෑ

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යැමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා දැනුම් දී සිටිනවා.

එමෙන්ම බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5.00ට ඉවත්කිරීමත් සමග හුදකලා කෙරෙන ප්‍රදේශවල ජනතාව කටයුතු කළයුතු ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම පහත පරිදි වනවා.

හුදෙකලා කෙරෙන ප්‍රදේශවලින් කිසිවෙකුට පිටවීමට හෝ ඇතුළුවීමට අවසර නැහැ.
හුදෙකලා කෙරෙන ප්‍රදේශවල සිටින අය තම නිවෙස්වලම රැඳීසිටිය යුතුයි.
කුමන හේතුවක් නිසාවත් එම අය නිවෙස්වලින් පිටතට යෑමෙන් වැළකිය යුතුයි.
සෞඛ්‍යමය කරුණකට අදාළව කිසියම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ නොවන හෝ කොවිඩ් රෝගය නොවන ඕන වෙනත් දේකට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නම් ළඟම තියෙන රෝහලකට ඇතුළත්වීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවසර ගැනීමක් අවශ්‍ය වන්නේ නෑ.
අනෙකුත් සියලුම කාරණා සඳහා යම් අවශ්‍යතාවයක් වුවහොත් එම ප්‍රදේශයේ පොලිසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් අවසර ලබා ගැනීමකින් තොරව ගමන්බිමන් සිදුකිරීමට අවසර ලැබෙන්නේ නැහැ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com