අද සිට උදෑසන හා පස්වරුවේ කාර්යාල දුම්රිය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා
කෙසේ වෙතත්, හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කරනු ඇති.
දුරගමන් සේවා බස් රථද අද සිට ධාවනය ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති කිංස්ලි රණවක සඳහන් කළේ එලෙස ධාවනය කරනු ලබන දුර ගමන් සේවා හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ධාවනය කරන බවයි.
ක්‍රමානුකූලව අද සිට පෞද්ගලික ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ද පෞද්ගලික බස් සංගම් කියා සිටිනවා
එමෙන්ම, බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් අද විවෘතව තබනවා.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුව ද පවතින තත්ත්වය සලකා රාජ්‍ය ආයතනයන් හි සේවයට කැදවිය යුත්තේ රාජකාරිය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ