ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) උදෑසන යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ක්‍රීඩාංගණය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ශරීර සුවතා ව්‍යායාමවල ද නිරත විය.
මේ අවස්ථාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, යාපනය නගරාධිපති එමානුවෙන් ආනෝල්ඩ් සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර“ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනේ” තවත් එක් අදියරක් ඊයේ (08) යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රික් දෙකම ආවරණය වන පරිදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
කිලිනොච්චිය දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු කඩිනමින් සම්පූර්ණ කරන බව එම මොහොතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉදිකිරීම් අවසන් කර නොමැති සියලුම ක්‍රීඩාංගණ ඉදිරි වසර කීපය තුළ වැඩ නිම කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාර දෙන බවයි.
රටේ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සදහා මධ්‍යස්ථානයක් ඇති කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන් අමාත්‍යවරයා තරුණ තරුණියන්ට බහුකාර්‍ය තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට වැඩසටහනක් ක්‍රියාත්මක බව දැනුම් දෙනු ලැබීය.
එම මධ්‍යස්ථාන තුළ එළිමහන් ශරීර සුවතා ඒකකයක්, ඇවිදීමේ මංතීරුවක්, අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක ඒකකයක්, ආපනශාලා වැනි පහසුකම් ඇති කර පවුලේ සැමට එකතු වී ක්‍රීඩා කළ හැකි, නිදහසේ කාලය ගත කරන්න හැකි පරිදි සකස් වන බව පෙන්වා දෙන ලදි.
එමගින් තරුණ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වාගැනීම, පවුලේ සැම එකව සුහදතාව වර්ධනය කර ගැනීම මෙන්ම දෛනික ව්‍යායාම කටයුතු තුළින් ශරීර සුවතාව පවත්වාගෙන යාමට මනා පිටුවහලක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ