මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) එකඟ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, එන්නත ලබා දීම ගැන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ කමිටුවක් පත් කළ බවයි.
කොවිඩ්-19 රෝගය වැළැක්වීම සදහා ශ්‍රී ලංකාව තුළ ඊට අදාළ එන්නත භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවැත්විණි.
එහිදි අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය, මෙරට ජනගහනයෙන් සියයට 20 කට ‘කොවිඩ්-19’ වයිරසය සඳහා නිපදවන එන්නත ලබාදීමට ලෝක සෞඛය සංවිධානය එකඟතාව පළ කර ඇතැයි දැනුම් දුන්නා ය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්