කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 305 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි.
ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 11,108ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14,590 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මේ වන විට ආසාදිතයන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 41ක්.
මේ අතර තවත් පුද්ගලයන් 493 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව