කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 56 දක්වා ඉහළගොස් තිබෙනවා. ඉන් 46 දෙනෙකු මව්වරුන් සහ ළමුන්.
සෙසු ආසාදිතයින් 10 දෙනා අතර වෛද්‍යවරුන් 05 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 03 දෙනෙකු ද වනවා.
ඔවුන් සියලුදෙනා අයි ඩී එච් රෝහල වෙත යොමු කර ඇති අතර රෝහල් කාර්යය මණ්ඩලයේ 90 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පවතින තත්ත්වය සලකා රෝගීන් බැලීමට පැමිණෙන පිරිස සීමා කිරීමට ද තීරණය කර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ