කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවලු ගොවීන්ට නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් මේ සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂිතයි.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කඩිනමින් මැනිං වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කරන්නැයි ඊයේ පැවැති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.
පවතින කොවිඞ් වසංගතය හමුවේ ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ තව දුරටත් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ හේතුවෙන් එළවලු අලෙවිකරගැනීම සඳහා මැනිං වෙළෙඳ පොළට දිනකට පැමිණෙන එළවලු ලොරි 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට