පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය වෙන් කිරීම හේතුවෙන්.
එහි රැඳවියන් 800කට ආසන්න ප්රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි වාර්තා වුණේ.
එවන් තත්ත්වයක් තුළ තමන් ද පීසීආර් පරීක්ෂණ වලට යොමු කරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් විරෝධාතාවයේ නිරත රැඳවියන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් මහනුවර මුලස්ථාන පොලිසිය සදහන් කළේ එම රැදවියන් සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට