පාස්කු ප්රහාරයේ ප්රධාන සැකකරු වූ සහරාන්ගේ බිරිය විසින් පසුගිය ඔක්තෝබර් 21-22 යන දිනවල රහස් සාක්ෂියක් ලබා දීමෙන් පසු නොවැම්බර් 07 වන දින ඇයට කොරෝනා වැළදී ඇති බව කියමින් වැලිකන්ද කදවුරට රැගෙන ගොස් ඇති බවත්, වැදගත් සාක්ෂිකාරියක වන ඇගේ ජීවිතය ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා සදහන් කළේය.
සෑම වැරදිකරුවකුටම දඩුවම් දිය යුත්තේ නිසි නීතිමය ක්රියාමාර්ගයන්ගෙන් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.
මාකදුරේ මධූෂ් නැමැති පුද්ගලයා කුඩු ජාවාරමට සම්බන්ධ ප්රධාන අයකු බවට හදුනාගෙන තිබියදීත් වසරකට අධික කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවූ හෙතෙම හිටිහැටියේම ඝාතනයට ලක්වූ බවත් පෙන්වා දුන් ඒ මහතා වැරදි කළ පුද්ගලයන්ට දඩුවම් දිය යුත්තේ අධිකරණ ක්රියාමාර්ගවලින් පමණක් බවද අවධාරණය කර සිටියේය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට