කොළඹ නගරය කොරෝනා පාලනයෙන් ගිලිහිලා – ආසාදිතයින් 30,000 ඉක්මවා සිටිය හැකියි

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගර සභා සීමා බල ප්‍රදේශය තුළ මේ වන විට යම්කිසි පාලනයකින් තොරව ආසාදිතයන් මතුවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් පාලනයකින් තොරව පොකුරු මතුවෙමින් ඇති බව ඔහු පැවසීය.

රට තුළ මේ වනවිට ආසාදිතයන් පහළොස් දහසක් ලෙස පරීක්ෂණවලින් හෙළි වුවද නිසි ලෙස පරීක්ෂණ කළ හොත් මෙම සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹ නගර සීමාවේ ආසාදිතයින් තිස්දහස ඉක්මවා සිටිය හැකි බවට මෙතෙක් සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණවල ප‍්‍රථිඵල අනුව එම පුරෝකථනය සිදු කර ඇති බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

මෙතෙක් ලොව පැවති කිසිදු වසංගතයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ජනතාවක් මියගොස් නැති බවද ඔහු කියා සිටියේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com