දීපවාලි උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ, වතුකරයේ ජනතාව හා හින්දු ප්‍රජාව අතර කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බවයි.
කොළඹ, ගම්පහ, කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් සෙසු පළාත්වලට සිදුකරන සංචරණ සීමා කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ , ප්‍රකාශිත සෞඛ්‍යය උපදෙස්වලට දැඩිව අනුගත වෙමින් සියලු දෙනා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ