වාහන ආනයනය තවත් වසරකට තහනම් – මුදල් අමාත්‍යාංශය තීරණය කරයි

වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ.

මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.

මෙම තහනම හේතුවෙන් රථවාහන ආනයනකරුවන් සහ රථවාහන ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. මේ වනවිටත් ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා ඇති බවත්, ව්‍යාපාරිකයන් බැංකු ණය ගෙවාගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන එම සංගමය අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියේ වාහන සීමිත ප්‍රමාණයක් හෝ ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම සඳහා අනුමැතිය හිමි නොවීය.

මෙම තහනම හේතුවෙන් රටතුළ පවතින වාහනවල සහ නැවත අලෙවි වන වාහනවල මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com