“ඩොනල්ඩ් ට්‍රම්ප් හැසිරෙන්නෙත් හරියට ශ්‍රී ලංකාවේ නායකයෝ වගේ” – හිටපු අයර්ලන්ත ජනාධිපති

එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පරාජය පිළිනොගැනීම සම්බන්ධයෙන් හිටපු අයර්ලන්ත ජනාධිපති මේරි රොබින්සන් විසින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම් මෙන් ඇමෙරිකානු වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුළීන්ද දැකිය හැකි බවද ඇය ප්‍රකාශ කර තිබේ.

එහිදී තවදුරටත් ඇය කියා සිටියේ ට්‍රම්ප් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව නව ජනාධිපතිවරයාට බලය හුවමාරු කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලයට පත් වී සිටින බවයි.

නැසීගිය දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් 2007 වසරේ දී ලෝකයේ සාමය, මානව හිමිකම් වෙනුවෙන් වෙහෙසෙන නායකයින් එකතු කරමින් නිර්මාණය කරන ලද “The Elder” (එල්ඩර්) නම් සංවිධානයේ වත්මන් මුලසුන හොබවන්නේ ද හිටපු අයර්ලන්ත ජනපති මේරී රොබින්සන් විසිනි.

එල්ඩර් සංවිධානය විසින් ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය විසින් ගෙන යන මැතිවරණ වංචාවක් සිදුව ඇතැයි යන මතවාදයන් පදනම් විරහිත බවද ප්‍රකාශයට පත් කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් කියා තිබුණේ කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයන් පිළිබඳවද මීට පෙර එල්ඩර් සංවිධානය විසින් සිය විරෝධය මෙන්ම කනස්සල්ල ප්‍රකාශයට පත් කරමින් අදහස් දැක් වූ බවත්, වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එවැනිම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයක කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද මේරී රොබින්ස් විසින් පවසා තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com