ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කර තිබෙනවා.

ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී අද පැවති උත්සවයකදී මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

නව ගුවන් නියමුවරියන් දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක් වන බව ගුවන් හමුදා මූලස්ථානය දන්වා සිටියේ.

ඊට අමතරව, ප්‍රථම වරට කැඩෙට් නිලධාරිනියක් සෑම අතින් ම දක්ෂත ම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම (Sword of Honor) සහ ප්‍රථම වරට ජනාධිපති වර්ණධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරීවරියක් අණ දීම ද මෙම විසිර යාමේ උත්සවයේ දී සිදු වුණා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිර යාමේ උත්සවය පැවැත්වුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com